Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මලාකි 2:4 - Sinhala New Revised Version

4 එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එවිට මාගේ ගිවිසුම ලෙවී සමඟ පවතින පිණිස මේ ආඥාව මා විසින් නුඹලාට එවූ බව නුඹලා දැනගන්නවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මලාකි 2:4
21 හුවමාරු යොමු  

“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.


මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”


උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


‘සාමය ඇති වේ’ යයි දිවැස් වැකි පවසන ලද දිවැසිවරයා, සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.”


‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”


මීකායා ද, “ඔබ සැඟවෙන පිණිස ඇතුළු ගෙයකට යන දවසේ එය දැනගන්නෙහි ය”යි කීවේ ය.


නුඹ කියන දේ සිදු වන්නේ ම ය. එය සිදු වන කල තමන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.”


“ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.


යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්,


“තවද, ඉශ්රායෙල් ජනයා මට පුදන සෑම දෙයින් ම දසයෙන් කොටස, මම උරුමයක් වශයෙන් ලෙවීගේ දරුපරපුරට දිනිමි. එය ඔවුන්ට දෙනුයේ, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් ඉටු කරන සේවාව සඳහා ය.


මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”


නුඹ සමඟ සේවය කරමින්, නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන් ද නුඹ කැඳවාගත යුතු ය. එහෙත්, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට නුඹත්, නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතු ය.


එබැවින් ‘සාම ගිවිසුම මම ඔහු සමඟ කරමි’යි ඔහුට කියන්න.


නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්