Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 3:7 - Sinhala New Revised Version

7 බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 3:7
12 හුවමාරු යොමු  

එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.


සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.


මාගේ ප්‍රියය, ඔබ කොතරම් ශෝභන ද! කොතරම් පියකරු ද! අපේ යහන නිල් තණකොළ ය.


එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.


රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.


එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය.


දාවිත් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගනු ඇතැ”යි ආකීෂ්ට කී ය. ආකීෂ් පිළිතුරු දෙමින්, “හොඳයි, මාගේ ජීවිතාන්තය දක්වා ඔබ මාගේ ආරක්ෂක භටයා කොට පත් කරමි”යි දාවිත්ට කී ය.


සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.


ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය.


ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?


ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.


ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්