Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:34 - Sinhala New Revised Version

34 අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබගේ ව්‍යවස්ථාව පැවැත්තුවේවත්, ඔබගේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබගේ අවවාදවලටද ඇහුම්කන්දුන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:34
13 හුවමාරු යොමු  

මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක.


ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”


එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක.


උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.


ඔබ වනාහි අපට පැමිණි සියල්ල සම්බන්ධයෙන් සාධාරණ ව සිටි සේක. කුමක් නිසා ද, ඔබ විශ්වාසවන්ත ව ක්‍රියා කළ සේක. අපි නම් දුෂ්ටකම් කෙළෙමු.


ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.


අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.


මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය.


“ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.


මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.


දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.


ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්