Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 8:13 - Sinhala New Revised Version

13 දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දෙවෙනිදා මුළු සෙනඟගේ පියවංශවල ප්‍රධානියෝද පූජකයෝද ලෙවීවරුද ව්‍යවස්ථාවේ වචන කල්පනාකරන පිණිස ලියන්නාවූ එස්රා වෙතට රැස්වුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 8:13
13 හුවමාරු යොමු  

අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.


ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ.


පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ.


එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.


මුළු සභාව ද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්න සම්මත කරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත් වූ හ.


එසේ සෙනඟ සියලු දෙන කන්නටත්, බොන්නටත්, කෑම පංගු යවන්නටත්, බොහෝ සේ ප්‍රීතිවන්නටත් පිටත් වී ගියෝ ය. කුමක් නිසා ද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔව්හු තේරුම් ගත්තෝ ය.


එවිට හත් වන මාසයේ පවත්වන මංගල්‍යයේ දී ඉශ්රායෙල් සෙනඟ පැල්පත්වල වාසය කළ යුතුය කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්බ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්