Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:67 - Sinhala New Revised Version

67 ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

67 ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

67 ඒ ඇර ඔවුන්ගේ වැඩකාරයොත් වැඩකාරියොත් හත්දාහස් තුන්සිය තිස්හත් දෙනෙක් වූවෝය. ඔවුන් අතරේ ගී කියන පුරුෂයොත් ගී කියන ස්ත්‍රීවරුත් දෙසිය හතළිස්පස් දෙනෙක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:67
7 හුවමාරු යොමු  

ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය.


ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.


එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්,


මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?


මුළු සභාවේ ගණන නම්, හතළිස්දෙදාස් තුන්සිය හැටක් ය.


ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය. ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්