Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 7:6 - Sinhala New Revised Version

6 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුඛද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:6
10 හුවමාරු යොමු  

සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.


අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.


එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි:


ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.


ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්