Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 6:10 - Sinhala New Revised Version

10 ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, “අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්‍රියේ ම එති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, “අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්‍රියේ ම එති”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඉක්බිති මම මෙහේටබෙල්ගේ පුත්‍රවූ දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි, ඔහු දොර වසාගන සිටියේය; එවිට ඔහු: අපි එක්ව දෙවියන්වහන්සේගේ ගෘහයේ මන්දිරය ඇතුළට ගොස් මන්දිරයේ දොරවල් පියාගන සිටිමු. මක්නිසාද ඔවුන් නුඹ මරන්ට එනවා ඇත; නුඹ මරන්ට රාත්‍රියේ එනවායයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 6:10
21 හුවමාරු යොමු  

ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: “මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය.


එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී.


නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.


“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.


‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.


එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න.


අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.


දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.


මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.


ඒ ගැන මා සිතා බැලූ විට, දෙවියන් වහන්සේ ඔහු නොඑවූ බවත්, ටෝබියා ද සන්බලට් ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි.


හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;


එවිට මම එලියේසර් ද අරියෙල් ද ෂෙමායා ද එල්නාතාන් ද ජාරිබ් ද එල්නාතාන් ද නාතාන් ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද යන ප්‍රධානීන් සහ ජෝයාරිබ් ද එල්නාතාන් ද යන බුද්ධිමතුන් ද කැඳවාගෙන,


ඔව්හු ද්වාර මණ්ඩපයේ දොරත් වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම් වත්, දවන යාග පූජා වත් ඔප්පු නොකළෝ ය.


ඔහු රජකමට පත් වූ පළමු වන අවුරුද්දේ පළමු වන මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇර ඒවා ප්‍රතිසංස්කරණය කෙළේ ය.


ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.


ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා,


ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.


අක්බොර්ගේ පුත්‍ර බාල්-හනන් මළ පසු, ඔහු වෙනුවට හදාර් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායු ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහබ්ගේ දුව වූ මත්රෙද්ගේ දූ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්