Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 5:7 - Sinhala New Revised Version

7 මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, “ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, “ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මම මාගේ සිතින් කල්පනාකොට පසුව උත්තමයන්ටද මුලාදෑනීන්ටද තරවටුකර: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළිගන්නවායයි ඔවුන්ට කීවෙමි. මම ඔවුන්ට විරුද්ධව මහත් සමූහයක් රැස්කරවා ඔවුන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 5:7
25 හුවමාරු යොමු  

ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!


සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?


ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.


“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.


බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න; සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න.


දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?


එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.


“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.


කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.


නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති; නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.


සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.


ඔහුගෙන් පොළියක් හෝ ලාභයක් හෝ නොගත යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. එවැන්නෙකුට නුඹලා සමඟ ජීවත් වීමට ඉඩ හරින්න.


ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි.


අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.


සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්