Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 5:5 - Sinhala New Revised Version

5 ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඉතින් අපේ මාංසය අපේ සහෝදරයන්ගේ මාංසය වාගේය, අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත්කරදෙමුව, අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. එය වෙනස්කරන්ට අපට පුළුවන්කමකුත් නැත; අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 5:5
10 හුවමාරු යොමු  

එවිට ලාබන් ඔහුට කතා කොට, “සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය.


එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ.


දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.


පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.


ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්