Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 4:9 - Sinhala New Revised Version

9 එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 4:9
15 හුවමාරු යොමු  

සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”


ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ.


ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.


එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.


හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.


සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක; සත්‍යය රැකීමට කරුණු යොදන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්