Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 4:3 - Sinhala New Revised Version

3 ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහු ළඟ සිටි අම්මොනිය ටෝබියාද කථාකොට: ඔවුන් ගොඩනගන ඒවාත් මොනවාද? හිවෙලක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩාදමනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 4:3
8 හුවමාරු යොමු  

එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.


හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.


ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.


බෙන්‍-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.


එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි.


ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින් එය ගොඩනංවන ලද බව සන්බලට්ට ද ටෝබියාට ද අරාබීය ගෙෂෙම්ට ද අපේ සෙසු සතුරන්ට ද සැළ විය. එහෙත්, ඒ කාලය වන තුරු ම මා දොරටුවල දොරවල් සවි කර නොතිබුණේ ය.


“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්