Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 3:31 - Sinhala New Revised Version

31 ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔහු ගාව රන්කරුවෙක්වූ මල්කියා හම්මිප්කාද් දොරටුව ඉදිරිපිට නෙතිනීම්වරුන්ගේද වෙළෙන්දන්ගේද ගෙවල් දක්වාත් කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:31
4 හුවමාරු යොමු  

ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;


ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.


කොනේ උඩුමහලටත්, බැටළු දොරටුවටත් අතරේ රන්කරුවෝ ද වෙළෙන්දෝ ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.


ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්