Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 2:14 - Sinhala New Revised Version

14 පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 2:14
7 හුවමාරු යොමු  

මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.


හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.


එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.


ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.


ගස් වැවෙන ගෙවතුවලට වතුර සපයන පිණිස මම දිය පොකුණු සාදා ගතිමි.


ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්