Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:36 - Sinhala New Revised Version

36 දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව ඔහුගේ සහෝදරයෝ වන ෂෙමායාද අසරේල්ද මිලලයිද ගිලලයිද මායයිද නෙතනල්ද යූදාද හනානීද ඔවුන්ට පෙරටුවෙන් සිටි ලියන්නාවූ එස්රාද ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:36
8 හුවමාරු යොමු  

ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.


දාවිත් මෙන් ගී ගොතා වීණාවල වාදනය කරන්න ඔබ කැමැති ය.


“අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය:


මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය.


ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය.


නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්