Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 8:5 - Sinhala New Revised Version

5 උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය ගෙන මිසර දේශය පිට මැඩියන් පමුණුවන පිණිස ගංගා කෙරෙහිද ඇළ දොළවල් කෙරෙහිද පොකුණු කෙරෙහිද නුඹේ අත දිගුකරවන්නැයි ආරොන්ට කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:5
3 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.


තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.


රෙදි වියන්නෝ ද වියවුල් වන්නෝ ය; දක්ෂ ශිල්පීහු ද ඉමහත් ශෝකයට පත් වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්