Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:1 - Sinhala New Revised Version

1 තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, මම නුඹ ඵාරාවෝට දෙවිකෙනෙකු කොට තැබුවෙමි. නුඹේ සහෝදරවූ ආරොන් නුඹේ ප්‍රොපේතවරයා වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:1
11 හුවමාරු යොමු  

“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි; ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.


උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”


එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.


එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.


බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.


දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, “මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි.


“මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි.


ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක. මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.


ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්