Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:16 - Sinhala New Revised Version

16 ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔව්හු ඔබගේ මෙහෙකරුවන්ට පිදුරු නොදෙති, නුමුත් ගඩොල් සාදන්නැයි අපට කියති. මෙසේ වැරැද්ද ඔබගේම සෙනඟගේ අතේ තිබියදී ඔබගේ මෙහෙකරුවෝ තැළුම්කතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:16
6 හුවමාරු යොමු  

ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ.


එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, “ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද?


එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය.


සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.


මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ‍ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.


නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්