Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:27 - Sinhala New Revised Version

27 ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ආරොන් හා ඔහුගේ පුත්‍රයන්ට කටිනලද සිහින් හණ නූලින් උතුරු සළුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:27
14 හුවමාරු යොමු  

ඔවුන්ගේ හිස් පිට හණ තොප්පි ද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම් ද තිබේ වා. ඩහදිය හටගන්වන දෙයක් පොරවා නොගනිත් වා.


එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


ඔබ අතරෙන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති.


ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.


ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.


මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.


මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද


පූජකවරයා හණ පිළි කබාය හැඳගෙන, හණ කලිසමින් තම සිරුර වසාගෙන පූජාසනය මත ගින්නෙන් දවන ලද දවන යාග පූජාවේ අළු ගෙන පූජාසනයේ පැත්තකින් දැමිය යුතු ය.


ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා.


“නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්