Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:21 - Sinhala New Revised Version

21 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු කොට වියනලද පටිය පිට තිබෙන පිණිසද ළය වැස්ම ඒඵොද් සැට්ටයෙන් ගැළවී නොයන පිණිසද ඒකේ වළලු ඒඵොද් සැට්ටයේ වළලුවලට නිල් පටියකින් බැන්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:21
7 හුවමාරු යොමු  

එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.


ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි.


එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!


ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය.


එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.


ඔව්හු තවත් රන් මුදු දෙකක් සාදා ඒපොද් සැට්ටයට යටින්, දෙපැත්තේ, එහි උර පටි දෙක පිට, සන්ධිය ළඟ ගොතන ලද බඳපටියට උඩින් ඒවා දැමූ හ.


ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්