Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:26 - Sinhala New Revised Version

26 සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ගණන්කරනු ලැබූවන්ට ඇතුළත් විසි අවුරුදු හා ඉන් ඉහළ වයස්වූ සලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙක් වූ සියලු පුරුෂයන්ගෙන් එකිනෙකාට බෙකක් එනම් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් බාගයක් බැගින් ලැබීමෙන් මෙසේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:26
12 හුවමාරු යොමු  

ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.


“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.


සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.


ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී.


“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.


එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.


ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පණස් දෙනෙක් විය.


මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය.


“මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.


ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්