Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:12 - Sinhala New Revised Version

12 පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඔහු එක තිරයක පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරියෙහි සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:12
4 හුවමාරු යොමු  

පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි.


සම්බන්ධ කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද අනික් තිරවල අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද සෑදිය යුතු ය.


මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.


ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්