Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:29 - Sinhala New Revised Version

29 මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:29
10 හුවමාරු යොමු  

අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?


තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද?


දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය.


ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.


ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.


දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත.


ඉන්පසු මෝසෙස් ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එය තුළ වූ සියල්ලත් ආලේප කොට කැප කෙළේ ය.


මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්