නික්මයාම 30:12 - Sinhala New Revised Version12 “නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 “නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වසංගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් ගණන් කරනු ලබන තැනැත්තන්ගේ ගණන නුඹ ගන්නා කල්හි එනම් ඔවුන් ගණන් කිරීමේදී ඔවුන් අතරෙහි වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් ගණන් කිරීමේදී එක එක මනුෂ්‍යයා තම තමාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මිලයක් ස්වාමීන්වහන්සේට දේවා. පරිච්ඡේදය බලන්න |
“ ‘තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසු වී, නුඹේ සතුරන් අතින් විනාශ වීම හෝ තුන් දවසක් සමිඳාණන් වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ උන් වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ල විනාශ කරනු ලැබීම හෝ යන තුනෙන් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ඒ නිසා මා එවූ තැනැන් වහන්සේට මා මොන උත්තරයක් දෙන්න ද කියා කල්පනා කරන්නැ”යි කීවේ ය.