Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 3:1 - Sinhala New Revised Version

1 මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 3:1
33 හුවමාරු යොමු  

ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය.


බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය.


මෝසෙස් තම මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත් හොබාබ්ට කතා කොට, “ ‘මම නුඹට දෙන්නෙමි’ කියා සමිඳාණන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත් ව යන්නෙමු. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට ශුභසිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින්, ඔබ ද අප සමඟ එන්න; අපි ඔබටත් ශුභසිද්ධිය සලසන්නෙමු”යි කී ය.


“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.


එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.


තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.


තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ.


ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.


එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.


“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.


මෝසෙස් නැඟිට තම සේවක ජෝෂුවා සමඟ ශුද්ධ කන්දට නැංගේ ය.


මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, “නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය:


එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.


මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.


මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.


සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට, “මෝසෙස් හමු වීමට පාළුකරයට යන්නැ”යි වදාළ සේක. ඔහු එහි ගොස් දෙවියන් වහන්සේගේ කන්දෙහි දී මෝසෙස් හමු වී, ඔහු සිපගත්තේ ය.


මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය.


තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.


“සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය.


දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.


මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.


ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ.


ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය.


ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ.


හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ.


මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.


එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.


මෙසේ එලියා එතැනින් ගිය විට ෂාපාත්ගේ පුත් එලිෂා ඔහුට සම්බ විය. එලිෂා ගවයන් දොළොස් බානක් පිටුපස හාමින් සිටියේ ය. දොළොස් වන බාන සමඟ එලිෂා සිටිනු ඔහු දිටී ය. එලියා ඔහු ළඟට ගොස් සිය සළුව ඔහු පිට හෙළී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්