Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:26 - Sinhala New Revised Version

26 නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ආරොන්ගේ පත්වීමේ බැටළුවාගේ ළැපැත්ත ගෙන තේව පූජාවක් පිණිස වනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකරන්න. එය නුඹේ කොටස වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:26
8 හුවමාරු යොමු  

ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.


එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.


මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”


පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.


ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.


ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.


එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්