Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:37 - Sinhala New Revised Version

37 නිල් පටියකින් එය මකුටයේ ඉදිරිපසට වෙළිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 නිල් පටියකින් එය මකුටයේ ඉදිරිපසට වෙළිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 තවද ඒක නිල් පටියකට අල්ලා මකුටය පිට බඳින්න; ඒක මකුටයේ ඉස්සරහ පැත්තෙහි විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:37
10 හුවමාරු යොමු  

“ඔහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්නැ”යි නියම කෙළේ ය. එසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ දූතයා බලා සිටිය දී, ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා, මංගල ඇඳුම් ඔහුට පැළඳෙව්වෝ ය.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය.


ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.


ඔහුගේ සිරස මත මකුටය ද එය මත ශුද්ධ කිරීටය ද පැළඳවිය යුතු ය.


“ඒපොද් සැට්ටයේ සළුව සම්පූර්ණයෙන් ම නිල් පාටින් සෑදිය යුතු ය.


ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.


ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.


“නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර


එය ආරොන්ගේ නළල මත විය යුතු වේ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පඬුරුවල යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒවා ගැන ඔහු වග කියනු ඇත. පුද පඬුරු සමිඳාණන් වහන්සේ වන මට ප්‍රසන්න වන පිණිස, ආරොන් නිතර ම එය තම නළල මත පැළඳිය යුතු යි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්