Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 28:1 - Sinhala New Revised Version

1 “මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:1
33 හුවමාරු යොමු  

අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.


ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය.


ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;


මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.


එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.


එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.


තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.


මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ,


මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.


“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.


මම සම්මුඛ මණ්ඩපය හා පූජාසනය විශුද්ධ කරමි. ආරොන් සහ ඔහුගේ පුතුන් මට පූජක පදවියෙහි සේවය කරනු පිණිස විශුද්ධ කරමි.


බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”


ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.


විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර,


ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන් හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතු ය.”


ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.


ආරොන්ගේ පුත්‍රයන් වන නාදබ් සහ අබිහු තම තමන්ගේ ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, ඒවා මත සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ නියම නොකළ නීති විරෝධී ගිනි උන් වහන්සේට පුද කළහ.


මෝසෙස් ආරොන්ට ද ඉතිරි ව සිටි ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට හා ඊතාමාර්ට ද කතා කොට, “සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඉතිරි වූ ධාන්‍ය පූජාව ගෙන, පූජාසනය ළඟ දී, මුහුන් නොදමා එය වළඳන්න. එය අතිශුද්ධ ය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,


“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන


පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”


ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.


නාදාබ් සහ අබිහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට මළහ.


සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට,


“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.


ඔබේ සියලු ම ගෝත්‍රවලින්, දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම සේවය කරනු පිණිස පූජකවරුන් සහ ඔවුන්ගේ පරපුර තෝරාගත් සේක.


පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්