Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:10 - Sinhala New Revised Version

10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:10
16 හුවමාරු යොමු  

“දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.


ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.


දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේ වත්, ශුද්ධ දවසක වත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත්, හත් වන අවුරුද්දේ පලදාව සහ සියලු ණය ද අත්හරින හැටියටත් සාපයකින් හා දිවුරුමකින් බැඳුණෝ ය.


“නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි.


දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.


‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය.


“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.


“කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්