Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 16:14 - Sinhala New Revised Version

14 පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:14
7 හුවමාරු යොමු  

ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.


ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක. එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.


එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක.


ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක. සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.


ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය.


උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්