Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 14:19 - Sinhala New Revised Version

19 ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 14:19
14 හුවමාරු යොමු  

ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.


එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.


අප සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිසරයෙන් අප පිටතට ගෙනා සේක. මෙන්න, දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදෙෂ් නම් නුවර නැවතී සිටිමු.


එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක.


මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.


මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.


නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.


හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.


එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.


සමිඳාණන් වහන්සේ දිවැසිවරයෙකු ලවා මිසර දේශයෙන් ඉශ්රායෙල් මුදාගත් සේක. දිවැසිවරයෙකු ලවා ඔවුන් ආරක්ෂා කළ සේක.


ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්