Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:4 - Sinhala New Revised Version

4 යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඉදින් බැටළු පැටවෙකු කන්ට ගෙයි වැසියෝ මදිනම් ඔහුද ඔහුගේ ගේ ළඟ සිටින ඔහුගේ අසල්වාසියාද මිනිසුන්ගේ ගණන හැටියට එකෙකු ගන්නෝය; එක එක මනුෂ්‍යයා කන ප්‍රමාණයේ හැටියට බැටළු පැටවා සම්බන්ධව ගණන්කර ගනිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:4
4 හුවමාරු යොමු  

නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.


නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.


මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?


ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්