Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:19 - Sinhala New Revised Version

19 නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 සත් දවසක් නුඹලාගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:19
13 හුවමාරු යොමු  

“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.


ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර රොටි නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන රොටි එනම්, නුමුහුන් රොටි කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් රොටි ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.


නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.


එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.


“නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.


එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය.


තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “පාස්කුව පිළිබඳ නියෝග මේ ය. කිසි ම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතු ය.


මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.”


මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය.


දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.


“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.


යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්