Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 2:3 - Sinhala New Revised Version

3 ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 2:3
13 හුවමාරු යොමු  

අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.


එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.


දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.


පළමු වන රථයට රතු අශ්වයෝ ද දෙ වැන්නට කළු අශ්වයෝ ද


බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ.


ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.


හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.


ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.


කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.


කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි.


වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්