Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 9:15 - Sinhala New Revised Version

15 එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 9:15
8 හුවමාරු යොමු  

අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.


එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.


එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.


මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය.


උපායෙහි දක්ෂ සෙනෙවියා අවි ගත් බළ සෙබළුන් රකින නුවරකට නගියි. ඔවුන් විශ්වාසය තැබූ කොටු පවුරු බිඳ හෙළයි.


දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.


ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්