Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 3:20 - Sinhala New Revised Version

20 සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 3:20
20 හුවමාරු යොමු  

භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”


මුළු මිනිස් සංහතිය ම නසිනු ඇත; පෙරළා දූවිල්ලට යනු ඇත.”


අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


එහෙත්, ඔහුට සහනයක් ඇත. අන්තිමේ දී ඒ දෙගොල්ල ම යන්නේ එක ම තැනට නොවේ ද?


මනුෂ්‍යයන්ගේ පණ ඉහළට නැඟී යනු ඇද්ද කියාත්, තිරිසනාගේ පණ පොළොවේ පස යටට බසිනු ඇද්ද කියාත් දන්නේ කවරෙක් ද?


ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.


නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.


පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය.


ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.


මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.


නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.


ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


නටඹුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද? මට කළ හැකි එක ම දෙය නම්, දයාව ඉල්ලා කන්නලව් කිරීම ය.


මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක; අප ධූලි බව සිහි කරන සේක.


අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.


එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද?


මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්