Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 11:3 - Sinhala New Revised Version

3 වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 11:3
9 හුවමාරු යොමු  

ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?


එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය.


ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය.


තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.


සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?


සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්