Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:3 - Sinhala New Revised Version

3 එවිට මම, නිරාහාර ව, ගෝණි රෙදි හැඳ, අළු තවරාගෙන, යාච්ඤාවෙනුත්, කන්නලව්වෙනුත් දෙවි ස්වාමීන් වහන්සේ යදින පිණිස මාගේ මුහුණ උන් වහන්සේ දෙසට හැරෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමීවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:3
30 හුවමාරු යොමු  

“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.


“ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරෝධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය.


“සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,


එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි.


“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.


එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට,


අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.


රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය.


තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.


ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.


ඔහුගේ රජ දවස පළමු වන අවුරුද්දේ දී දානියෙල් නම් මම ශුද්ධ ලියවිලි කියවමින් සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට එළිදරව් කර තිබුණු පරිදි, ‘ජෙරුසලම අවුරුදු සැත්තෑවක් ගත වන තුරු ජරාවාස ව තිබෙන්නේ යැ’යි තේරුම්ගතිමි.


මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි: “අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක.


මම මෙසේ කතා කරමින් ද යාච්ඤා කරමින් ද මාගේ පාපයත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් ගැන පාපොච්චාරණය කරමින් ද මාගේ සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා උන් වහන්සේ ඉදිරියේ මාගේ කන්නලව්ව ඔප්පු කරමින් ද සිටියෙමි.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


එබැවින් ළදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කන්නලව් කෙළේ ය. දාවිත් නිරාහාර ව සිට, ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රෑ ගත කෙළේ ය.


එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්