Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:7 - Sinhala New Revised Version

7 ඌ බැටළුවා ළඟට එනු මම දිටිමි. මහත් ක්‍රෝධයෙන් ඌ බැටළුවාට ඇන උගේ අං දෙක බිඳදැමී ය. ඌට විරුද්ධ ව සිටින්නට බැටළුවාට කිසි බලයක් නොතිබුණේ ය. ඌ බැටළුවා බිම දමා පෑගුවේ ය. උගේ බලයෙන් බැටළුවා බේරාගන්නට කිසිවෙක් නොවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳදැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:7
8 හුවමාරු යොමු  

එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.


මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.


ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය.


මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.


ගං ඉවුරේ සිටිනු මා දුටු, අං දෙකක් ඇති බැටළුවා දෙසට ඌ යමින්, අධික කෝපයෙන් බැටළුවා දෙසට දිව්වේ ය.


එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.


එය අහස් සේනාව කෙරෙහි ද බලය පා, ඒ සේනාවන් සමහරක් ද තාරකාවලින් සමහරක් ද පොළොවට හෙළා පාගාදැමුවේ ය.


සෙසු මෘගයන්ගෙන් උන්ගේ ආණ්ඩු බලය පහ කරනු ලැබූ නමුත්, සීමාසහිත කාලයක් උන්ට ජීවත් වන්නට ඉඩ දෙන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්