Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:24 - Sinhala New Revised Version

24 ඔහු බලසම්පන්න වන්නේ ය. ඔහු භයානක ලෙස නැති නාස්ති කරන්නේ ය. ඔහු කරන හැම දෙයකින් ම ඔහු ජය ගන්නේ ය. ඔහු බලවතුන් ද සැදැහැවතුන් ද වර්ණනා කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහුගේ බලය සවිව තිබෙන්නේය, නුමුත් ඔහුගේම බලයෙන් නොවේ; ඔහු අද්භූතලෙස නාස්තිකරන්නේය, සඵලවෙමින් කැමැතිලෙස ක්‍රියාකරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:24
15 හුවමාරු යොමු  

අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය.


මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.


එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.


මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.”


ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.


එය අහස් සේනාව කෙරෙහි ද බලය පා, ඒ සේනාවන් සමහරක් ද තාරකාවලින් සමහරක් ද පොළොවට හෙළා පාගාදැමුවේ ය.


ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි.


එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.


ඒ රාජ්‍යවල පාලනය අවසානයේ දී අපරාධකාරයන්ගේ පාප ඉහළට ම නැඟුණු කල, රෞද්‍ර පෙනුමක් ඇති, කපටි නුවණක් ඇති රජ කෙනෙක් පැම්ණෙන්නේ ය.


දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.


ඔහු වංචනික ගිවිසුම් කරගෙන, ඔහුට පක්ෂ ව ස්වල්ප දෙනෙකු සිටියත්, බලයට පත්වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්