Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:14 - Sinhala New Revised Version

14 ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඔහුද: රෑ දාවල් දෙදාස් තුන්සියයක් පසුවන තුරුය; එකල ශුද්ධස්ථානය පවිත්‍රකරනු ලබන්නේයයි මට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:14
14 හුවමාරු යොමු  

එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.


“දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”


එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.


උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”


සමිඳුන් දමිටු වන බැවින් එතුමාණෝ ජෙරුසලම ද එහි සිටින එතුමන් වෙත හැරෙන සියල්ලන් ද ගළවන සේක.


අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, “ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නෝ ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය.


ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.


එක්දාස් තුන්සිය තිස්පස් වන දවස දක්වා ජීවත් වන්නෝ වාසනාවන්තයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්