3 එකිනෙකාට වෙනස් වූ දැවැන්ත මෘගයන් සතරදෙනෙකු මුහුදෙන් නැඟී එනවාත් මම දිටිමි.
3 එකිනෙකාට වෙනස්වූ මහා මෘගයන් සතරදෙනෙක් මුහුදෙන් නැගී ආවෝය.
එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.
“දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ.
අහෝ දෙවිඳුනි! ඔබ කොපමණ මහිමාන්විත ද? සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද?
ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.