Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:11 - Sinhala New Revised Version

11 දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එකල ඒ මනුෂ්‍යයෝ ඇතුළට වැද, දානියෙල් තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා දුටුවෝය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:11
7 හුවමාරු යොමු  

එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා!


ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.


ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,


මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.


ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්