Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 5:5 - Sinhala New Revised Version

5 එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 5:5
15 හුවමාරු යොමු  

ඔහු මේ වචන පවසද්දී ම ස්වර්ගයෙන් එන හඬක් ඇසුණේ ය. ඒ මෙසේ ය: “එම්බා නෙබුකද්නෙශර් රජ, නුඹේ රාජ්‍යය නුඹෙන් පහ විය;


අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.


දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය.


එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය.


ඒ කියන ලද දේ එකෙණෙහි ම සම්පූර්ණයෙන් ම ඉෂ්ට විය. ඔහු මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලැබ, ගොනුන්ට මෙන් ඔහුට තණ කොළ කවන ලදී. ඔහුගේ හිසකේ රාජාලියන්ගේ පිහාටු මෙන් ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන් ද වැඩෙන තුරු ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේ ය.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.


එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.


බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්