Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 5:22 - Sinhala New Revised Version

22 “ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඔහුගේ පුත්‍රවූ බේල්ෂශර් වන ඔබ මේ සියල්ල දැනගන සිටි නුමුත් ඔබගේ සිත යටත්කර නොගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 5:22
17 හුවමාරු යොමු  

ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය.


මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.


ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.


එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.


ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.


සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.


මන්ද, ජොහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.


මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.


“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.


දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති. දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය. ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය.


රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.


මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.


ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්