Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 3:21 - Sinhala New Revised Version

21 ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 3:21
6 හුවමාරු යොමු  

බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.


ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය.


දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය.


ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය.


බිම වැටී නමස්කාර නොකරන කවුරු නමුත්, එවේලෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේ ය”යි කීවේ ය.


ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්