Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:18 - Sinhala New Revised Version

18 ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:18
22 හුවමාරු යොමු  

“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.


“නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.


“ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”


අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”


සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය.


හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. “එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක.


මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.


සහෝදරවරුනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා ද ශුද්ධාත්මයාණන්ගෙන් නික්මෙන ප්‍රේමය නිසා ද මම ඔබගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කරමි. ඒ ඉල්ලීම නම් ජුදයෙහි සිටින අභක්තිකයන් අතට මා අසු නොවන පිණිසත්,


ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය.


රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”


කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය.


ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.


සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්