Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:11 - Sinhala New Revised Version

11 රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 රජ්ජුරුවන් විචාරන දේ ඉතා අමාරු එකකි, මනුෂ්‍යයන් සමඟ වාසය නොකරන දෙවිවරුන්ට මිස රජු ඉදිරියෙහි ඒක පෙන්වන්ට පුළුවන් වෙන කිසිවෙක් නැතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:11
25 හුවමාරු යොමු  

දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී.


දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”


ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.


ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.


ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.


ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


මම ඉශ්රායෙල් ජනයා අතර වාසය කරමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි.


මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත.


සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.


මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක. සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි. ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.”


සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.


මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි.


එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක. කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක. දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!


“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ “


ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.


උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.


නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.


“නෙබුකද්නෙශර් වන මම මාගේ මාලිගාවේ සැපසම්පත් භුක්ති විඳිමින් සුව සේ සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්