Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:6 - Sinhala New Revised Version

6 අවුරුදු ගණනක් ගත වූ පසු ඒ රජවරු දෙදෙන සුහද ගිවිසුමක් කරගන්නෝ ය. ඒ සාම ගිවිසුම ස්ථිර කරන පිණිස මිසරයේ රජුගේ දුව උතුරු සිරියාවේ රජු සමඟ විවාහ වන්නී ය. එහෙත්, ඇගේ බලය පෑමට ඈට නොහැකි වන්නේ ය. රජු ද ඒ දෙපොළගේ දරුවන් ද පවතින්නේ නැත. ඈ ද ඇගේ සපිරිවර ද දරුවා ද ස්වාමි පුරුෂයා ද පාවා දෙනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අවුරුදු ගණනක් ගියායින් පසු ඔව්හු එකතුවන්නෝය; දකුණු දිශාවේ රජුගේ දුව ගිවිසුමක් කරන්ට උතුරු දිශාවේ රජු ළඟට පැමිණෙන්නීය. එහෙත් ඇගේ හස්තයේ බලය පවතින්නේ නැත; ඔහුවත් ඔහුගේ හස්තයවත් නොපවත්නේය; ඈද ඇය ගෙන්වූ අයද ඇය ඉපදවූ තැනැත්තාද ඒ කාලවල ඈට උපකාරකළ තැනැත්තාද පාවාදෙනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:6
9 හුවමාරු යොමු  

“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.


“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.


එවිට සිරියාවේ රජ පැමිණ, තරයේ බලකොටු බැඳ ඇති නගරය වටලා එය අල්ලාගන්නේ ය. මිසරයේ රජුගේ සේනාවන්ටත්, ඔහුගේ තෝරාගත් හමුදාවන්ටත් විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. එසේ කිරීමට ඔවුන්ට ශක්තියක් නොවන්නේ ය.


එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය.


මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය.


“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත.


ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.


දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය. එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්