Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:20 - Sinhala New Revised Version

20 “ඒ පුරප්පාඩුව පිරවීමට බලහත්කාරයෙන් කප්පම් අය කරන පිණිස රාජකීය පිරිවරක් සමඟ ම නිලධාරියෙකු එවන රජ කෙනෙක් එන්නේ ය. එහෙත්, ඔහු ස්වල්ප දිනකින් කෝලාහලයකින් වත්, යුද්ධයකින් වත් නොව අප්‍රසිද්ධියෙන් විනාශයට පත්වන්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එකල ඔහුගේ ස්ථානයෙහි රාජ්‍යයේ අලංකාර දේශයෙහි ආදායම් අයකරන්නෙකු ඇවිදින්ට සලස්වන කෙනෙක් නැගිට, කෝපයවත් යුද්ධයවත් නැතුව ස්වල්ප දවසකින් විනාශවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:20
7 හුවමාරු යොමු  

මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි. නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි.


ඒ මිනිසා තවදුරටත් මෙසේ විස්තර කෙළේ ය: “ඔහුගේ තැන රජයේ ගෞරවය නොදෙන ලද නීච කෙනෙක් ගන්නේ ය. ඔහු හදිසියෙන් පැමිණ කූටෝපක්‍රමයකින් රාජ්‍යය ගන්නේ ය.


එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය.


කිරි කැලැත්තීමෙන් වෙඬරු සෑදෙයි, නහය මිරිකීමෙන් ලේ ගලා එයි, උදහස ඇවිස්සීමෙන් අඬදබර හටගනියි.


ජෙහෝයාකිම් ඒ රිදී ද රන් ද පාරාවෝට දුන්නේ ය. එහෙත්, පාරාවෝගේ නීතිය ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියම කොට, පාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියම කළ හැටියට ඒ රිදී ද රන් ද දේශයේ සෙනඟගෙන් අය කෙළේ ය.


හබක්කුක් නම් දිවැසිවරයා දර්ශනයකින් ලත් දිව්‍ය ප්‍රකාශනය මෙය වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්