Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 10:7 - Sinhala New Revised Version

7 “ඒ දර්ශනය දුටුවේ දානියෙල් නම් මම පමණෙකි. මා සමඟ සිටි අය ඒ දර්ශනය දුටුවේ නැත. එහෙත්, ඔව්හු මහා භීතියකින් කම්පා වී සැඟවෙන පිණිස පලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 දානියෙල් වන මම පමණක් දර්ශනය දුටිමි. මා සමඟ සිටි මනුෂ්‍යයන් දර්ශනය දුටුවේ නැත; එහෙත් මහත් භීතියක් ඔවුන් පිටට පැමිණ, ඔව්හු සැඟවෙන පිණිස පලාගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 10:7
8 හුවමාරු යොමු  

ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය.


මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත.


“ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.


ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය.


සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුළමින් කා, චංචලකම ද භීතිය ද ඇති ව වතුර බී,


මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්